Select Page

ලොව ප්‍රථම කෘත්‍රිම බුද්ධි (Artificial Intelligence) තාක්ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලය 2020 සැප්තැම්බරයේ ඩුබායිහිදී විවෘත වීමට නියමිතය. මෙම විශ්වවිද්‍යාලය නම්කර ඇත්තේ ඩුබායිහි ඔටුන්න හිමි කුමරැ වන ෂෙයික් මොහොමඩ් බින් සායඩ් අල් නහයන්ට ගෞරවයක් ලෙස මොහොමඩ් බින් සායඩ් කෘත්‍රිම බුද්ධි විශ්වවිද්‍යාලය ලෙසිනි. මෙම විශ්වවිද්‍යාලය මගින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නව අධ්‍යාපන ක්‍රමවේද හා පර්යේෂණ විධික්‍රම හඳුන්වාදීමට නියමිතය. නව පර්යේෂණ මූලික කරගත් මෙම විශ්වවිද්‍යාලය කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ශික්ෂණයක් ඇති කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතර ලෝකය නව මාවතකට ගෙන යා හැකි නිර්මාණාත්මක පරපුරක් බිහි කිරීමට කටයුතු කරන ආයතනයක් යැයිද, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුමින් සන්නද්ධ වනු සඳහා මෙම විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගන්නා ලෙසට ලෝක ප්‍රජාවට ආරාධනා කරන්නේ යැයිද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුල්තාන් අහ්මඩ් අල් ජබීර් ප්‍රකාශ කර තිබේ.

දේශීය හා විදේශීය නවක සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වනවිට අයැදුම්පත් කැඳවා ඇති අතර. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ අංශ හයක් ඔස්සේ එම්.එස්.සී. සහ පී.එච්.ඩී. උපාධි පිරිනැමීමට නියමිතය. 

සිව්වැනි කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ස්වයංක්‍රීයකරණය සහ රොබෝ තාක්ෂණයෙහි දියුණුවත් සමඟ බොහෝ රැකියා අවස්ථා නිර්මාණය වෙමින් පවතී. එහෙයින් වෙනස්වීම් හා තාක්‍ෂණික පරිණාමයට ප්‍රතිරෝධය දැක්වීම නිෂ්ඵල ක්‍රියාවකැයි විද්වතුන්ගේ මතයයි. ගෝලීය කර්මාන්ත විශේෂඥයන් සහ අනාගතවාදීන්ගේ මතය වී ඇත්තේ බොහෝ පුනර්වර්තිත රුකියා යන්ත්‍ර මගින් පමණක් සිදුකරන අතර මිනිසා සඳහා තවත් නව රුකියා අවස්ථා රුසක් නිර්මාණය වනු ඇති බවයි. එහෙයින් නව රුකියා සඳහා සූදානම් වනු සඳහා කුසලතා වර්ධනය සහ නව තාක්ෂණික අධ්‍යාපනය අත්‍යවශ්‍ය වනු ඇත.

2022 වනවිට කෘත්‍රිම බුද්ධිය මගින් උපයා ගන්නා ගෝලීය ව්‍යාපාරික අගය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ඉක්මනු ඇතැයි ගණන් බලා තිබේ. දත්ත විද්‍යාව සහ වෙනත් ඇල්ගොරිතම (algorithm) මත පදනම් වූ යෙදුම් සඳහා සහය දැක්වීම පිණිස භාවිත කරන කෘත්‍රිම බුද්ධිය වඩාත් පොදු භාවිතය බවට පත්වනු ඇත. එය සමස්තයෙන් 44% ක් පමණ වනු ඇතැයි පැවසේ. එහෙයින් අනාගත කර්මාන්ත ප්‍රවර්ධනයට මුහුණදීම සඳහා කෘත්‍රිම බුද්ධි අධ්‍යාපනය අතිශයින් වැදගත්වේ.

.

ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නොහොත් කෘත්‍රිම බුද්ධිය යනු යන්ත්‍ර හා සම්බන්ධ වූ බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සදහා ක්‍රියාත්මක වන විද්‍යා‍ ක්ෂේත්‍රය හැඳින්වීම සඳහා භාවිත කෙරෙන නාමයයි. කෘත්‍රිම බුද්ධිය හැඳින්වීම සඳහා යෙදෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් (Artificial Intelligent) යන ඉංග්‍රීසි වදනෙහි නිර්මාතෘ ජෝන් මැකාති එය අර්ථ දක්වනුයේ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරැ කාර්යභාරය ලෙසිනි. ඔහු මෙම වදන හඳුන්වා දුන්නේ 1956 වැනි වකවානුවකය.

කෘත්‍රිම බුද්ධියෙන් යුතු නිර්මාණයක් ලෙස සැලකෙන්නේ තම පරිසරය අවබෝධ කර ගනිමින් උපරිම සාර්ථකත්වයක්  සහිත ක්‍රියාකාරීත්වයක් පෙන්විය හැකි පද්ධතීන්ය. ඈත අතීතයේ සිට මිනිසා තුළ පැවැති විශාලතම ගැටලුවක් වූයේ ‘මිනිසා සිතන්නේ කෙසේද‘ යන්න අවබෝධ කර ගැනීමය. සිතිමේ හැකියාව මත ඔහුට කිසිවක් වටහා ගැනීමටත්,  අනාවැකි කීමටත්, සාධක ඉදිරිපත් කිරීමටත් හැකි විය. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් කළ පර්යයේෂණන්හි ප්‍රතිඵලයක් ලෙස කෘත්‍රිම බුද්ධිය නිර්මාණය විය.. වර්තමානය වනවිට කෘත්‍රිම බුද්ධිය ඉතා පුළුල් ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. ආරම්භයේදී අධ්‍යාපනය හා ප්‍රත්‍යක්ෂ ඥාන වර්ධනය වැනි කාර්යයන් සඳහා උපයෝගී කර ගැනුණද වර්තමානයේ චෙස් ක්‍රීඩාව, ගණිත ප්‍රමේයයන් සනාථ කිරීම, කාව්‍ය ප්‍රබන්ධය, ‍රෝග විනිශ්චය වැනි කටයුතු රුසක් සඳහා භාවිත කෙරේ. 

කෘත්‍රීම බුද්ධි පර්ෙය්ෂණ සදහා බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් දැනුම සහ උපාංග භාවිත වේ. මෙම ක්ෂේත්‍රයන් අතරට පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනවාදය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව, වාග් විද්‍යාව, සාරාර්ථ විද්‍යාව, සංකාර්යය පර්ෙය්ෂණ වේදය, ආර්ථික විද්‍යාව, පාලක වාදය, සම්භාවිතාව, සහ තර්කනය වැනි ක්ෂේත්‍ර අයත්ය. පර්ෙය්ෂකයන් යන්ත්‍රවලට ලබාදීමට උත්සාහ කරන ගුණාංග අතර හේතු දැක්වීම, දැනුම, සැලසුම් සකස් කිරීම, ඉගෙනීම, සන්නිවේදනය, චින්තන විධික්‍රම හා චලනය වීමේ හැකියාව සහ වස්තූන් හැසිරවීමේ හැකියාව යනාදිය වෙයි. මිනිසා හා සමාන බුද්ධිමත් භාවයක් යන්ත්‍ර වලට ලබාදීමට මෙතෙක් හැකි වී නොමැත. එවැනි ප්‍රබල මට්ටමේ කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කිරීම කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ පර්ෙය්ෂණයන්ගේ දිගු කාලීන අරමුණ වී තිබේ

.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා