Select Page

SD Card කියන්නේ මොකක්ද?

ලංකාවේ බහුතරයක් චායාරූප ශිල්පීන් තමන්ගේ කැමරාවේ මෙමරි චිපය විදිහට භාවිත කරන්නේ SD (Secure Digital) කාර්ඩ් තමයි, SD කාර්ඩ් එක පොඩි උනාට ඉතින් මේකේ වැඩ කැල්ල නම් ඉතින් පොඩි නැහැ… කාර්ඩ් එකක් දිහා මේ වෙලාවේ පොඩ්ඩක් බැලුව නම් හොදට ඕක පැහැදිලි වෙයි.

 

 මෙමරි කාර්ඩ් එකක තියෙන දේවල් , ඉතින් ගොඩක් අය කාර්ඩ් එක ගැන නොදැන ගියාම වෙන්නේ උඩින්ම ලොකුවට ලියල තියෙන දේවල් වලට රැවටෙන එක තමයි. අපි වැඩේ පිළිවෙලට ලස්සනට පටන් ගමු.
මෙමරි  කාර්ඩ් ගත්තම ඉතින් ඒවායේ දත්ත ගබඩා කල හැකි ආකාරය අනුව කොටස් කීපයකට බෙදා වෙන් කර තිබෙනවා, 
  1. SD – Secure Digital
  2. SDHC – Secure  Digital High Capacity
  3. SDXC – Secure Digital Extended Capacity 

SD – Secure Digital

                  පරණම කාර්ඩ් වර්ගය කියන්න පුළුවන්, 2GB ධාරිතාවය දක්වා මෙමරි කාර්ඩ් සියල්ලම SD කියන සංකේත නාමය යටතේ වෙළදපොලට නිකුත් වුනා කීවොත් නිවැරදි. දැනට නම් 256MB | 512MB | 1GB | 2GB කියන ධාරිතවයන්ගෙන් යුත් මෙමරි කාර්ඩ් ඉතාමත්ම අඩුවෙන් තමයි භාවිත වෙන්නේ. තාක්ෂණයේ දියුණුවත් එක්කම ඉහත සදහන් කරපු ධරිතවයන්ගෙන් යුත් මෙමරි කාර්ඩ් හොදටම මදි වැඩක් කරගන්න නම්.

SDHC – Secure Digital High Capacity

                 2GB වලින් එහාට තත්වය මොකක්ද? 4GB – 32GB වෙනකන් මෙමරි කාර්ඩ් වලට කියන්නේ SDHC කියල, ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නනේ මෙන්න මේ SDHC කාර්ඩ් එක තමයි . ගොඩක් දෙනාට තියෙන සාධාරණ බයක් තමයි ගොඩක් ලොකු ධාරිතාවයක කාර්ඩ් එකක් බැරි වෙලාවත් මොනවා හරි වෙලා නැති වුනා හෝ Data lost එකක් වුනොත්, ඉතින් 16GB හෝ 32GB වගේ මෙමරි කාර්ඩ් කීපයක් භාවිතා කරන එක නම් හොද අදහසක්.  

SDXC – Secure Digital Extended Capacity

             32GB වලිනුත් එහාට ගියාම එන කාර්ඩ් SDXC කියන සංකේත නාමය යටතේ වෙලදපොලේ තියෙනවා. මන් කලිනුත් කිවුවා වගේ දැන් තාක්ෂණය දියුණුයි නෙහ්, ගොඩක් අය හොයන්නේ 4K Quality කැමරා නෙහ් දැන්, 4K Shoot කරන්නන හිතාගෙන ඉන්නවා නම් ඉතින් 64GB SDXC එකකට යන එක තමයි ඉතින් අපි අනුමත කරන්නනේ.
දැන් මේ සංකේත නාම දැන ගත්ත කියල වැඩේ ඉවර වෙන්නේ නම් නැ , හොදම කැල්ල තමයි දැන් පටන් ගන්නේ

මොකක්ද මේ Class සින් එක 

                       හැමෝම වගේ  කාර්ඩ් එකක් ගන්නකොට අහන දෙයක් තමයි මේ Class එක, දැනට තියෙන class ටික අපි ඔන්න පල්ලෙහායින් දාල තියෙනවා
  • Class 2
  • Class 4
  • Class 6
  • Class 10
  • UHS Speed Class 1
  • UHS Speed Class 3
 Class එක ඉස්සරහින් අගයක් දීල තියෙනවා නම් අන්න ඒ අගය තමයි ඔයාගේ කාර්ඩ් එකේ අවම දත්ත ගබඩා කර ගැනීමේ වේගය.(Mbp/s) තප්පරයකදී මෙගා බයිට්  අගය
 

 Class 2 පරණම තාක්ෂණයේ කාර්ඩ් කියන්න පුළුවන්,

Class 2 මෙමරි කාර්ඩ් එකක් ගත්තම එකේ දත්ත සටහන් කරගැනීමේ වේගය අවමය විදිහට  2Mb/s ,

Class4 කාර්ඩ්එකක් ගත්තම එකේ දත්ත සටහන් කර ගැනීමේ වේගය අවම වශයෙන් 4Mb/s ,
මෙන්න මේ විදිහට Class 10 කාර්ඩ් එකක් කියන්නේ  තප්පරයක් ඇතුලත මෙගා බයිට් 10 අවමයක් වශයෙන් දත්ත ගබඩා කරගැනීමේ හැකියාව ඇති කාර්ඩ් එකක්. 
දැන් ඔයා ලග තියෙන්නේ Class 10 කාර්ඩ් එකක් නම් ඔයාගේ කාර්ඩ් එක අවම  වශයෙන් තප්පරයකදී මෙගා බයිට් 10ක් ඇතුලට දා ගන්න සමත්..
  • UHS Speed Class 1
අලුත් විදිහට අලුත් ක්‍රමේකට මෙන්න මේ class එන්න පටන් ගන්නේ මෙතන ඉදන් තමයි
ඔයාට දැන් වගේම ඉදිරියටත් දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ UHS වර්ගීවර්ගීකරණ සංකේත නාමය යටතේ කිවොත් හරි. UHS කියන්නේ Ultra High Speed කියන එක. 
UHS Speed Class 1 එකේ දත්ත සටහන් කර ගැනීමේ වේගය මොකක්ද ? ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නය.. එකට කලින් බලමු මේ UHS Speed Class එක අපේ මෙමරි කාර්ඩ් එකේ කොහෙද සදහන් කරලා තියෙන්නේ කියල
UHS Speed Class එක ලියල නම් නැහැ , හැබැයි උඩ පින්තුරේ තියෙන විදිහේ UHS Speed Class ලෝගෝ එකක් තියෙනවා නම් අන්න එක තමයි ඔයාගේ Class එක .
මේකේ දත්ත ගබඩා කර ගැනීමේ වේගය (writing ස්පීඩ්) එක අවමය තප්පරයකදී 10Mb/s,
 Class 10 කාර්ඩ් එකේ විදිහටම අවමය විදිහට සලකුණු කරලා තමයි එන්නේ..
Bus ස්පීඩ් එකේ තමයි වෙනසක් වෙන්නේ මේ UHS Speed Class 1 එකේ සහ Class 10 එකේ. Bus ස්පීඩ් එක ගැන කතා කරන්න ගියොත් මේක ගණිත පාඩමක් වෙන්න ඉඩ තියෙන නිසා මම මේ ගැන කතා කරන එක මෙතනින් නවත්වනවා.
UHS Speed Class 3
මෙන්න මේ Class එක තමයි අපේ කැමරා තාක්ෂණයට දැන් හරියන එක, දැන් අපේ වොර්තීමය චායාරූප ශිල්පීන් ගාව තියෙන්නේ බොහෝ වෙලාවට Professional කැමරා එකක් , ඉතින් මේ කැමරා එකකින් ෆොටෝ වගේම වීඩියෝ පවා කරනවා, 
අපේ කට්ටිය වීඩියෝ එකට එක මෙමරි කාර්ඩ් එකකුත් ෆොටෝස් ගන්න වෙනම කාර්ඩ් එකකුත් ගන්න කැමති නැහැනේ, වැඩ දෙකම එක කාර්ඩ් එකෙන් කර ගන්නා පලුවන් නම් ලේසියි.
UHS Speed Class 3 එකත් සන්කෙතයකින් තමයි කාර්ඩ් එකේ සලකුණු කරලා තියෙන්නේ, පහලින් බලන්න
මේ සලකුණ තියෙනවා කියන්නේ ඔයාගේ මෙමරි කාර්ඩ් එකේ අවම දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව 30Mb/s, 
දත්ත ගබඩා කර ගැනීමේ උපරිමය සාමාන්යෙන් සමහර කාර්ඩ් වල සලකුණු කරලා තියෙනවා, ඒක ස්ටෑන්ඩර්ඩ් අගයක් විදිහට කියන්න බැහැ මොකද ඔයාගේ Device එකෙන් එකට කාර්ඩ් එකේ හැකියාව වෙනස් වෙන්න පුළුවන් නිසා,
දැන් එන ලොකුම ප්‍රශ්නය තමයි  අවම අගය 30Mb/s කියල තියෙන කාර්ඩ් එකක් ඇතිද අපිට වීඩියෝ එකකදි,
ඔව්, අපේ කැමරාවේ දත්ත සටහන් කර ගැනීමේ අගය පෙන්වන්නේ මෙගා බිට්ස් වලින් , අපේ කාර්ඩ් එකේ පෙන්නනේ මෙගා බයිට් වලින් , මෙන්න මෙතැනදී තමයි අපි ගොඩක් අය නොමග යන්නේ,
මෙගා බිට් (කැමරාවේ)                               මෙගා බයිට්(මෙමරි කාර්ඩ්)
 
1 මෙගා බිට්                                =             0.125 මෙගා බයිට්
 
8 මෙගා බිට්                                =             1 මෙගා බයිට්
 
90 මෙගා බිට්                              =             11.25 මෙගා බයිට්
 
240 මෙගා බිට්                            =              30 මෙගා බයිට් ( UHS Speed Class 3)
 
අපේ මේ වගුව බලලා ඔයාට අවශ්‍ය වෙන කාර්ඩ් එකක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා.
 
ෆොටෝස් ගන්න නම් UHS Speed Class 1 එකක් ඔයාගේ වැඩේට ඇති.
 
 ඔයාට තියෙන්නේ Sony Alpha | Canon 5D Mark |Panasonic GH-4 | වගේ කැමරා එකක් කියමුකෝ , 
Ultra High Definition (4K) වීඩියෝ එකක් කරන්න නම් 100 මෙගා බිට් අවම වශයෙන් තියෙන කාර්ඩ් එකක් ඕන වෙනවා,  උඩ වගුව බැලුව නම් ඔබට තේරෙනවා UHS Speed Class 3 එකකින් මේ වැඩේ ලේසියෙන් කර ගන්න පුළුවන් බව. 
ඒ වගේම ඔබ තෝරා ගත යුත්තේ SDXC කාර්ඩ් එකක්, 
                                                                                         4K වීඩියෝ එකක් කියන්නේ High bit rate එකක යන දෙයක් ,  ExFat කියන සිස්ටම් එක Large file support කරන්න විශේෂයෙන්ම SDXC කාර්ඩ් එකේ අන්තර්ගත කරලා තියෙන නිසාවෙන් 
                                                                 ඔයා 4k වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නවා නම් ,
                                                                                                                  SDXC UHS Speed Class 3  කාර්ඩ් එකක් තෝරා ගන්න කියල අපි අනුමත කරනවා.
 
 
 
බොහෝ වෙලාවට කාර්ඩ් වල උඩින්ම ගහල තියෙන 90Mb/s වගේ දේවල් වලට රැවටෙන්න එපා, මොකද ගොඩක් වෙලාවට එකේ තියෙන්නේ Read (කියවීමේ ) වේගය වෙන්න පුළුවන්, උපරිම ගබඩා කර ගැනීමේ වේගය මත සමහර කාර්ඩ් වල මිල ගණන් වෙනස් වීමේ හැකියාවක් තියෙනවා.
 
මෙවැනි බ්ලොග් එකක් ලිවීමෙන් අප බලාපොරොත්තු වන්නේ අපේ පාරිබෝගිකයන් තමන් මිලදී ගන්නා මෙමරි කාර්ඩ් එක තමාගේ අවශ්‍යතාවයට ගැලපෙන, ගුණාත්මක බවකින් යුතු එකක් වගේම සෑම දෙයක් ගැනම නිසි වැටහීමකින් යුතුව තෝරා ගනී කියන විශ්වාසය මතයි. 
 
මෙමරි කාර්ඩ් වර්ග බොහෝ තිබෙන අතරම තව වෙනස් ආකාරයන්ගෙන් වේගය සදහන් කොට වෙළදපොලට නිකුත් වෙන අතරම අප ඒ ගැන ඉදිරියට කතා කරන්න අදහස් කරගෙන ඉන්නවා.
SHANIKA PHOTO

.