Select Page

කැමරාව වර්තමානයේ අප ජීවිත වලට අත්‍යවශ්‍ය අංගයක් වී තිබෙනවා. මක්නිසාදයත් අපේ ජීවිත කාලයේදී සිදුවන වැදගත් දෑ සිහිවටන ලෙස 
        තබා ගැනීමට අපට කැමරාව වැදගත් වෙනවා. නුතන තාක්ෂණයත් සමග කැමරා වලට සුවිශේෂ අංග එක් වී තිබේ. අද අපි බලාපොරොත්තු 
        වෙන්නේ කැමරාවල ඉදිරි තාක්ෂණය වන කාණ්නාඩි රහිත ඩිජිටල් කැමරා තාක්ෂණය හෙවත් මිරර්ලස් පිලිබඳ හදුන්වාදීමයි. මේ ලිපිය මගින් 
        අතීතයේ සිට මේ දක්වා කැමරා තාක්ෂණයේ දියුණුව පිළිබඳ වද ඔබට අධ්‍යනය කල හැක.

වසර කිහිපයකට පෙර කැමරාව යනු සරල උපකරණයකි. එය ෂටර් එකකින් සහ ඡායාරූප සංවේදී ද්‍රව්‍යයකින්  සමන්විත විය. ෂටර් එක මගින් 
        අලෝකය බ්ලෝක් කරන අතර ෂටර් එක වීවෘත වු විට නිකුත්වන ආලෝකයට මෙම ඡායාරූප සංවේදී ද්‍රව්‍ය ප්‍රතිචාර දක්වයි. මෙහි ඇති අඩුපාඩුව 
        නම් ඡායාරූපයට නගන දෑ දක්නට නොලැබීම නිසා හොඳ ඡායාරූප ගැනීම අපහසුය.

පසුකාලීනව ඡායාරූප ගැනීමට අවශ්‍ය දෑ බලාගත හැකි වු අතර එහිදි මතුවු ගැටළුව වුයේ ද්‍රව්‍ය බලාගැනීමට එක් කාචයකුත් ඡායාරූප ගැනීමට 
        තවත් කාචයකුත් භාවිතා කිරීමයි. එමගින් ඡායාරූප අසමපාතයක් හෙවත් පැරලෙක්ස් ඇතිවිය. මෙය ද්විත්ව කාච ප්‍රත්‍යවර්තය හෙවත් ටුවින් 
        ලෙන්ස් රිෆ්ලෙක්ස් ලෙස හඳුන්වයි. එමගින් ඔබ දකින දේ එලෙසම ඡායාරූපයට නොගැනේ. මෙයට විසඳුමක් ලෙස ඉන්ජිනේරුවන් විසින් 
        ඡායාරූපයට ගැනෙන දෑ එලෙසින්ම එකම කාචයෙන් දැකගත හැකි කැමරා නිෂ්පාදනය කිරීමට සමත් විය. 

තනි කාච කැමරා

​මෙම අසමපාත ගැටළුවට විසඳුම තනි කාච පරාවර්තක නැතහොත් එස්.එල්.ආර්(Single Lens Reflex)කැමරා වේ. මෙමගින් චලනය වන 
        කොටස් මගින් ආලෝකය පාලනය කර කාචය හරහා ඡායාරූප ගැනීමට අවශ්‍ය ද්‍රව්‍යයෙහි රූපය කැමරාකරුගේ ඇස වෙත ලැබේ.
​එස්.එල්.ආර් කැමරාව හඳුන්වා දීමත් සමග නව අංගෝපාංග එක්වී , එය තව දුරටත් තාක්ෂණික වශයෙන් වැඩිදියුණු විය. එය සරලව භාවිතා කල හැකි 
        උපකරණයක් බවට ඒ සමගම පත්විය. වෘත්තීයම ඡායාරූප ශිල්පීන් සීරුමාරු කාච කැමරා භාවිතයට ගන්නා ලදී. එමගින් ඔවුනට එකම කැමරාවකින් 
        විවිධ ප්‍රදේශ විවිධාකාරයෙන් ඡායාරූපයට නැගිය හැකි විය. කැමරා නිෂ්පාදකයන්ද නව නිෂ්පාදන එලි දැක්වීමට පටන් ගත් අතර ඒවාට හොද 
        වෙළඳපලක් නිර්මාණය විය.

ඩිජිටල් කැමරා පිලිබද බිදක්

අප මුලින් කතා කල ඡායාරූප සංවේදී  තාක්ෂණයම මෙම ඩිජිටල් කැමරා තුල ද භාවිතා වෙයි. එහිද එක් කාචයක් පමණක් භාවිතා වේ.
ඩිජිටල් තනි කාච පරාවර්තක නැතහොත් ඩිජිටල් සිංගල් ලෙන්ස් රිෆ්ලෙක්ට්(ඩි.එස්.එල්.ආර්.) සීරුමාරු කාච ක්‍රමවේදයම භාවිතා කරන 
 අතර අමතරම ඔටෝ ෂුටින් මොඩ් එකතු විය. එසේම මෙහි ඇති වාසිය ඡායාරූප වල හොඳ , නරක ඒ මොහොතේම බලාගත හැකි වීමයි.
නවීන කැමරා බොහෝමයකම ඡායාරූපයට නගන දේ නැරඹිමට වෙනමම කාච ඇත. මෙහිදි නැවත අසමපාත දෝෂය මතු වුවත් මෙමගින් 
        ක්‍රමවත්ව එල්සීඩි තිරය මත පින්තුරය ලබා ගනියි. මෙම තාක්ෂණය “මිරර්ලස්” ලෙස හැඳින්වේ. 

මෙම මිරර්ලස් කැමරාවේ අනෙත් කැමරා වලට වඩා ඇති විශේෂත්වය වන්නේ එහි බද සරලවීම , කුඩා වීම සහ ගෙනයාමේ පහසුව නිසාය. එසේම 
        මිලෙන් අඩු ගුණාත්මක බවින් යුතු කාච යොදා ගනිමින් මෙම කැමරා නිෂ්පාදනය කෙරේ. නුතන කැමරා සීරුමාරු ක්‍රමවේදයෙන් බැහැර වන නිසා 
        කැමරාකරුවන්ට අවස්ථානුකූලව කාච භාවිතා කල හැක.  

පොයින්ටු පොයින්ටු ෂුට් කැමරා වල මෙන් මිරර්ලස් කැමරාවල එල්සීඩී තිරය කාච හරහා ඡායාරූප ගන්නා දේ පෙන්නුම් ආලෝකය
        හරහා තබා ඇත. මේ නිසා ඡායාරූප ශිල්පීන්ට පින්තුරය රෙකෝඩ් වීමටත් ප්‍රථමයෙන්ම එය දැකබලා ගැනීමේ අවස්ථාව ඇත.

        වසර ගණනාවක ඉතිහාසයක් ඇති කැමරා තාක්ෂණයේ වැඩි දියුණුවීම් බොහෝමයක් සිදුවී ඇත. කැමරා තාක්ෂණයේ ඊළග පරම්පරාව
        ඩිජිටල් තාක්ෂණය වනු ඇත. එය මිටර්ලස් තාක්ෂණය සමග ඉදිරියට යනු ඇත. පැරලෙක්ස් ප්‍රශ්නයට එල්.සී.ඩි. තිර හොඳ පිලිතුරක් සපයනු ඇත.

​මෙම හඳුන්වාදීමත් සමග ඩි.එස්.එල්.ආර් අනාගතය කෙබදු වේවිද? එය බොහෝ පාරිභෝගික රුචිකත්වය මත රදා පවතිනු ඇත.
.
S.A NUWAN MADUSANKA