Select Page
මේ වචන සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ ඩිස්ක් එකක ඉඩ දැන ගනීමටයි. නැත්නම් දත්ත ගබඩා ඉඩ සහ පද්ධති මතකය දැන ගනීමටයි. නිදසුනක් වශයෙන්, වසර කීපයකට ඉහතින් අප දත්ත ඒකක හැඳින්වූයේ මෙගාබයිට් වලිනි. අද, වැඩිපුරම දත්ත ඒකක  වලට භාවිතා වන ඒකකය ගිගාබයිට්. නුදුරු අනාගතයේදී මේ තැන ටෙරාබයිට් වලට හිමිවේ. දැන් වුවද ඒ කරා ඇදී යමින් පවතී. ඒත් මොනවද මේ කියල තවමත් අවුල් සහගතවද ඉන්නේ?

ඔව්, මෙගාබයිට් ගණනය කිරීම උපාංග නිෂ්පාදකයන් කරන්නේ ‍තෝරාගත් ප්‍රමිතියකට අනුවය. මෙගාබයිට් එකක් යනු බයිට් දහසක් වශයෙනි. මේ සඳහා නිදසුනක් බලමු,

 
ඔබ මිලදී ගන්නවා 80 GB හාඩ් ඩිස්ක් එකක් එතකොට ඔබට තියෙන්න ඕන බයිට් 80,000,000,000 ක්. මෙන්න මෙතනදි තමා ඔබ අවුල් යන්නේ, නිෂ්පාදකයන්ගේ ප්‍රමිතිය කෙසේ වුවත් දත්ත ඉඩක් පරිගණක හඳුනා ගන්නේ එයට සුපුරුදු දෙකේ පාදයේ ඉලක්කම් වලිනි.ඒ අනුව වින්ඩෝස් පද්ධතියකදී 80GB හාඩ් එකක් 74GB දක්වා හෝ ඊට වඩා අඩු වශයෙන් පරිගණකය ඔබට පෙන්වා දේ (8, 16, 32.. ලෙස ගන්න ගණනය කරන්න). දැන් ඔබට තේරෙනවා නේද එයට හේතුව අර ප්‍රමිතිය හා ඇත්ත ඉඩ බෙදා ගැනීමේ පරතරය බව. ඒ අනුව 250 GB = 232 GB, 750GB = 698GB යනාදී ලෙස ගනී. නමුත් ලිනක්ස් පද්ධතියකදී නියමිත දත්ත ප්‍රමාණය එලෙසම දක්වයි.
 
තවත් තේරුනේ නැද්ද :/ මේකෙදි වෙන්නෙ අපි ගණනය කරන 1000 වෙනුවට 1024 ආදේශ කර ගණනය කිරීමයි. එවිට ඇත්තටම තියෙන ඉඩ අඩු වෙනවා නේද?
මේක බලන්න එතකොට තේරෙවි 
1 වගුව: ප්‍රොසෙසර් හෝ වර්චුවල් මතකයකදී මෙසේ දක්වයි.

2 වගුව: ඩිස්ක් ඉඩකදී එය මෙපරිදි වෙනස් වේ.

දැන් වැටහුනා නේද?

දැන් අපි එක් එක් ඒකක ගැන වැඩිපුර දැනුමක් ලබමු..

 

බිට් – මෙය ගණන ඒකක වලදී කුඩාම ඒකකය වේ. ද්විමය ආකාර තොරතුරු ගබඩා කරන්නේ මෙ ඒකකයෙනි. එනම් ඔව් හෝ නැත යනුවෙනි (1 හෝ 0 ලෙස).

 

බයිට් (B): බිට් 8ක් බයිට් එකක් ලෙස සැලකේ. මෙයට 256 ආකාරයෙන් තොරතුරු පෙන්වන්නට පුලුවනි. නිදසුනක් ලෙස, අකුරු හා ඉලක්කම් ඇති තැනක එක බයිට් එකක් කියන්නෙ එක අක්ෂරයකි. ඒ අනුව සරලව බයිට් 10ක් වචනයකටද, වාක්‍යයකට බයිට් 100 ක් පමණද වැය වේ.

 

කිලෝබයිට් (KB): බයිට් 1000ක ඒකකයකි. ඇත්තටම කිව්වොත් 1024 ක්. ඔබ කියවන ඡෙදයක් එක කිලෝ බයිට් එකක් පමණ වේ. එ අනුව පි‍ටුවක ලියූ අකුරු වල ධාරිතාව (රූ සටහන් ආදිය නැතුව අකුරු පමණක්) කිලෝ බයිට් 100ක් වේ.

1 kB = 1,000 bytes = 103 bytes

 

මෙගාබයිට් (MB):  මෙය කිලෝබයිට් 1000කි. ඉස්සර පරිගණක වල මෙගාබයිට් යොදාගත්තෙ විශාල දත්ත සඳහා. නමුත් වර්තමානයේ 500 GB හාඩ් ඩිස්ක් එකක් පොදුවේ කවුරුත් භාවිත කරන තත්වයකට පත්වෙලා. දැන් මෙගාබයිට් ලොකු ඒකකයක් ලෙස ගනන් ගන්නෙ නෑ. ෆ්ලොපි තැටියක මෙගා බයිට් 1.44 හෙවත් සාමන්‍යයෙන්  පි‍ටු කිහිපයක පොතක පමණ වේ. මෙගාබයිට් 100 කියන්නෙ, විශ්ව කෝෂයක පරිච්ඡේද කිහිපයක ඉඩකි. මෙගාබයිට් 600 ක් සීඩී තැටියක පහසුවෙන් ගබඩා කල හැකිය.

1 MB = 1,000,000 bytes (= 10002 B = 106 B) 

 

ගිගාබයිට් (GB): එනම් මෙගාබයිට් දහසකි. ඩිස්ක් ඉඩ හා ධාවක ධාරිතා සඳහා මේ කාලයේ වැඩිපුර යොදාගනී.  1GB ගොනුවක් සීඩි තැටි දෙකක පමණ ප්‍රමාණයක ගබඩා කල හැකිය. ඒ වගේම ෆ්ලොපි තැටි දහසක ඉඩයි.රාක්කයක තිබෙන පොත් ප්‍රමාණය ගිගාබයිට් එකක් පමණ වේ. ඒ අනුව පුස්තකාලයක එක් තට්‍ටුවක ඇති ශාස්ත්‍රීය සංග්‍රහ  සියල්ලම ‍රැඳවීමට ගිගාබයිට් 100 ප්‍රමාණවත් වේ.

1 GB = 1,000,000,000 bytes (= 10003 B = 109 B)

 

ටෙරාබයිට් (TB): එය බයිට් ට්‍රිලියනයකි. නැත්නම් ගිගාබයිට් දහසකි. මේ ඒකකය දක්වා ලෝකයේ ඉඩ අවශ්‍යතාව වැඩි වෙමින් පවතී. අපි හිතුවෙ නැහැ කවදාවත් 1 ටෙරා හාඩි ඩිස්ක් ඒවි කියලා. නමුත් ටෙරා දෙක තුනක හාඩ් ඩිස්ක් තිබීම නව පරිගණකයක අංගයක්. මේ වගේ එක ඉඩක කිලෝබයිට් 300 ක පින්තූර මිලියන 3.6 ක්ද, උසස් තත්වයේ පැය 300ක කාලයක් ධාවනය වන වීඩියෝ පටද ‍රැඳවීමට පුලුවන්. ඒ අනුව බ්‍රිටැනිකා විශ්වකෝෂයේ පිටපත් දහසක් පමණ ‍රැඳවීමට මෙය ප්‍රමාණවත් වේ. පාර්මේන්තු පුස්තකාලයේ  ඇති සියලුම ලිපිගොනු වාර්තා ‍රැඳවීමට ටෙරාබයිට් 10ක ප්‍රමාණවත් ය.

1 TB = 1,000,000,000,000 bytes = 1012bytes = 1,000 gigabytes.

 

පෙටාබයිට් (PB): ටෙරාබයිට් දහසක් නැත්නම් ගිගාබයිට් මිලියනක ඉඩකි. මේ ධාරිතාව ගැන පෙන්වීමට ටිකක් අපහසුයි. පෙටාබයිට් එකක පොත් පිරුණු දොරවල් හතරේ කැබිනට් මිලියන 20ක ඇති ධාරිතාව මීට සමාන වේ. මුද්‍රිත අකුරු සහිත පි‍ටු බිලියන 500 ක ගොනුවක ධාරිතාව පෙටාබයිට් එකකි. ඒ සඳහා මිලියන 500ක ෆ්ලොපි තැටි වුවමනා වේවි.

1 PB = 1,000,000,000,000,000 B = 1015bytes = 1000 terabytes.

 

එක්සාබයිට් (EB): ඔබ අහලවත් නැතුව ඇති. එක්සාබයිට් එකක් යනු කුවට්‍රිලියන (ට්‍රිලියන 1000, දහයෙ 15 වන බලය)යක බයිට් හා එක් බිලියනයක ගිගාබයිට් වේ. එ අනුව අපට කියන්න පුලුවන් එක්සාබයිට් 5ක මනුෂ්‍ය වර්ගයා මෙතෙක් කියපු සියලුම වචන ගබඩා කරන්නට සෑහේ.

1 EB = 1,000,000,000,000,000,000 B 

= 1018bytes = 1000petabytes = 1 billion gigabytes.

 

සෙටාබයිට් (ZB): එක්සාබයිට් දහසකි. ඉතින් මේකට සංසන්දනය කරන්න කිසිම දෙයක් නැහැ. එකයි බින්දු විශාල ගණනක් මෙය දැක්වීමට යොදා ගනී.

1 ZB = 1,000,000,000,000,000,000,000 bytes = 10,007 bytes = 1,021 bytes = 1,000 exabytes = 1 billion TB.

 

යොටාබයිට් (YB): සෙටාබයිට් දහසකි. අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවකින් යොටාබයිට් එකක ගොනුවක් අන්තර්ජාලයෙන් බාගත කරන්න වසර ට්‍රිලියන 11ක් පමණ ගත වේවි. දැනට දත්ත ධාරිතාව ගණනය කිරීමට ගන්නා විශාලම ඒකකය මෙයයි. නමුත් මීට අමතරව තවත් අති විශාල අගයක් සහිත ඒකක දෙකක් ව්‍යවහාර කරයි. ඒවා භාවිතය නොමැතිම තරම් ය.

1 YB = 1,000,000,000,000,000,000,000,000 bytes = 1,0008bytes = 1024bytes = 1000 zettabytes = 1 trillion terabytes.

 

බ්‍රොන්ටොබයිට්: ඔබ හිතුව හරි එය යොටාබයිට් දාහකි :D. එක පිටිපස්සේ බින්දු 27 ලියූ විට මේ අගය ලබාගැනීමට පුලුවන්.

 

ජියෝප්බයිට්: මේ ඒකකය ඒමට හේතුව නම් දන්නෙ නෑ. මේ ඉන්න කවුරුහරි හරි මේ එක් ඒකයකයක හාඩ් ඩිස්ක් එකක් එන කාලෙක ජීවත් වෙලා ඉඳිද කියල හිතන්න බෑ. කොහොමද ඒ වගේ හාඩ් ඩිස්ක් එකක් තිබ්බොත්. හ්ම්ම්.. මේ ඒකකය මෙහෙම හඳුනා ගමු. කලන්තෙ දාන්න බෑ. එය බයිට් වලින් මැන්නොත්  15 267 6504 600 2283 229 4012 496 7031 205 376 ක වේවි. 

 

දැන් අපි දැනගත්තා කුඩාම ඒකකයේ සිට විශාලම ඒකකය දක්වා දත්ත ධාරිතාව සකස් කරන විදිහ, තවත් දවසක අපි දන්නා යැයි සිතන නමුත් බොහෝ දෙනෙක් නොදන්න කරුණු කාරණා ගැන විමසා බලමු.. පැමිණි ඔබට ස්තූතියි

 

 

Special thank to 

Saji Blogs