Select Page

වැදගත්ම දෙය තමයි වෙබ් අඩවියේ අරමුණ මුලින් තේරුම් ගැනීම. උදාහරණයක් විදියට Bookshop එකෙක් හිමි අයෙක් ඔහුගේ Bookshop එක සදහා වෙබ්   අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා ඔබ වෙත පැමිණියා කියල හිතමු. මුලින් ඔහු එක්ක කතා කරලා ඔහුට අවශ්‍ය දෙය කුමක්ද කියලා හදුනාගන්න ඕනේ. Bookshop එක Promote කිරීම ඔහුගේ එක අරමුණක් වෙන්න පුළුවන්. Website එක හරහා Online Orders ලබා ගැනීම තව අරමුණක් වෙන්න පුළුවන්. සමහර විට නොයෙක් හේතු නිසා Online Orders ඔහුට අවශ්‍ය නොවෙන්න පුළුවන් . සමහර විට නමට වෙබ් අඩවියක් පමණක් තිබීම ඇති වෙන්න පුළුවන්.

එම නිසා වෙබ් අඩවියක් අවශ්‍ය කෙනාගේ  අරමුණ මුලින් දැනගැනීම වැදගත්. විශේෂයෙන් වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්ගෙන් Bookshop එකක් සදහා  වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා මිලක් ඇහුවම ඔහු එක පාරම රුපියල් 30,000, 50,000, 100,000  වගේ කියනවානම් ඔහුගෙන් ඈත් වීමයි නුවනට හුරු. වෙබ් අඩවිය අවශ්‍ය කෙනාගේ අරමුණ තේරුම් ගන්න කලින් මිලක් නියම කරන්න බෑ. කව්රු හරි කෙනෙක් එහෙම  කරනවානම් එකේ තේරුම  ඔහු වෙබ් අඩවිය අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ දෙන්නේ නෑ කියන එකයි.

 

Mobile Friendly

බිලියන 4 කට වඩා වැඩි පිරිසක් Mobile Phones භාවිතා කරනවා. එහින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කිරීම සදහා Mobile Phones භාවිතා කරනවා. ඔබගේ වෙබ් අඩවිය Mobile Phones සදහා සහය දක්වන්නේ නෑ කියන එකේ තේරුම ඔබ පැමිණෙන්න තිබෙන විශාල අදායමක් නැති කරගන්නවා වගේ වැඩක්.

Target Audience

මෙම වෙබ් අඩවිය සදහා ගේනවා ගත යුත්තේ මොන පිරිසද ගැන හොද දැනුමක්ද ඔබට තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ IT Institute (SLIIT, NSBM වැනි) එකකට වෙබ් අඩවියක් හදනවානම් ඔබගේ Target Audience එක වෙන්නේ OL, AL අවසන් කරපු සිසුන් සහ ඔහුන්ගේ දෙමව්පියන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී එයත් වැදගත්.

Coding Standards

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ලෝකයේ පිළිගෙන ඇති සම්මතයට Code කිරීම ඔබ සිදු කල යුතුමය. ඔබ ඔබට ඕන ඕන විදියට Code කරන්න ගියොත් ඔබගේ වෙබ් අඩවිය SEO වලට සහය නොදැක්වීමට ඉඩ ඇති අතර වෙබ් අඩවිය Update කිරීමටද ඉතා අපහසුය.