0094 777 64 25 74 info@3sdcloud.com

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා (Enterprise Sri Lanka)

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ක්‍රමය සමග ඔබ සිහින මැවූ ව්‍යවසායකයා වන්න.

 

“රන් අස්වැන්න ”

  • ප්‍රතිලාභීන් – කුඩා පරිමාණ ගොවියන් හා ගොවි සංවිධාන, මල්වගාකරුවන්, ධීවරයන්
  • උපරිම ණය මුදල රු. 5,000,000/-
  • පොලී අනුපාතය – 6.93% වා.පො.

 

“ගොවි නවෝදා ”

  • ප්‍රතිලාභීන් – කුඩා පරිමාණ ගොවියන් හා ගොවි සංවිධාන (කෘෂි කාර්මික මෙවලම් මිලටගැනීම සඳහා)
  • උපරිම ණය මුදල – රු. 500,000/-
  • පොලී අනුපාතය – 3.46% වා. පො.

 

හෝම් ස්ටේ (Home Stay) (“හරිත ණය” කාණ්ඩය යටතේ )

  • ප්‍රතිලාභීන් – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි (SLTDA – Sri Lanka Tourist Development Authority)
  • උපරිම ණය මුදල – රු. 5,000,000/-
  • පොලී අනුපාතය – 6.00% වා. පො.

 

“ජය ඉසුර ” – ආයතනික ගණුදෙනුකරුවන් සඳහා පමණි.

පළමු වන කාණ්ඩය

  • ප්‍රතිලාභීන් – කෘෂිකර්මාන්තය, ධීවර කටයුතු, මල් වගාව, මුද්‍රණය, සංචාරක සේවා, අත්කම් හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර වල නියුතු රු. මිලියන 10 – 250 දක්වා පිරිවැටුමක් සහ 10 – 50 අතර සේවක සංඛ්‍යාවක් සහිත මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
  • උපරිම ණය මුදල – රු.100,000,000/-
  • පොලී අනුපාතය – 6.93% වා. පො.

දෙවන කාණ්ඩය

  • ප්‍රතිලාභීන් – කෘෂිකර්මාන්තය, ධීවර කටයුතු, මල් මගාව, මුද්‍රණය, සංචාරක සේවා, අත්කම් හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර වල නියුතු රු. මිලියන 250-750 අතර පිරිවැටුමක් සහ 51- 300 අතර සේවක සංඛ්‍යාවක් සහිත මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
  • උපරිම ණය මුදල – රු.400,000,000/-
  • පොලී අනුපාතය – 10.40% වා. පො.

 

“රිවි බල සවි”

පහළ මැදි ආදායම් ලබන ජනතාව සඳහා විකල්ප බලශක්ති ක්‍රමවේදයක් ලෙස සූර්ය පැනල භාවිතය දිවයින පුරා ප්‍රචලිත කිරිමේ අරමුණෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සූර්ය පැනල සවිකරගැනීම සඳහා රු.350,000/- ක සහන ණයක් ලබාදේ.

උපරිම ණය මුදල :රු 350,000/-

පොලී අනුපාතය :6.93% වා. පො.

 

“සොඳුරු පියස”

සුළු මුදල් අඩුපාඩුවක් නිසා ඔබගේ නිවස අළුත්වැඩියා කරගැනීමට, පුළුල් කරගැනීමට හෝ සම්පූර්ණ කරගැනීමට නොහැකිව ඔබ ලතවෙනවාද? එසේ නම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සොඳුරු පියස ඔබට කදිම විසඳුමකි.

අඩු ආදායම්ලාභී ජනතාවට සිය නිවසේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කරගැනීමේදී ඇතිවන සුළු මුදල් අඩුපාඩු සපුරාගැනීම සඳහා අත්වැලක් සැපයීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද ණය ක්‍රමයක් ලෙස සොඳුරු පියස හඳුන්වාදිය හැකිය. අවම ලියකියවිලි සමග පහසුවෙන් ලබාගත හැකි සොඳුරු පියස ණය වර්ග අඩි 1500 ක බිම් ප්‍රමාණයක් සහිත නිවෙස් සඳහා විශේෂයෙන් අරමුදල් සැපයේ.

උපරිම ණය මුදල :රු.200,000/-

පොළී අනුපාතය : 6.93% වා. පො.

 

කොන්දේසි අදාළ වේ.

ඉහත ණය ක්‍රම යටතේ ණය ලබාගැනීම සඳහා ඔබට ළඟම පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව වෙත පියනගන්න. නැතිනම් වැඩි විස්තර ලබාගැනීම සදහා පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන +9411 2379379 අමතන්න.

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය ක්‍රමය – දැක්ම 2025

.