0094 777 64 25 74 info@3sdcloud.com

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පැවති අධික වැසි සහිත කාලගුණයට හේතු වූ ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව තුළ පවතින අධික වැසි සහිත කාලගුණය ක්‍රමයෙන් අඩු වනු ඇති බව ය.

කෙසේ වෙතත්, සඳුදා (ඔක් 08) දිනයේ ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

“එලෙස තද වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනුයේ, දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත් තුළ ය. සෙසු ප්‍රදේශවලට ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි ය.”

බදුල්ල, කළුතර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් නිකුත්කර තිබෙන නාය යාමේ අවදානම් නිවේදනය තවමත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

.